1
මිහිරෙන් පිරේ සමිදේ හද
ඔබ මෙනෙහි කළ විට
ආසයි බොහෝ ඒ අභිමුඛයට
අපිත් එසවෙන්නට
ඔබ මෙනෙහි කළ විට
ආසයි බොහෝ ඒ අභිමුඛයට
අපිත් එසවෙන්නට
ශෝභමාන හෙනා මල වාගේ
මිදිවතු සපුරා පිපේ
අසමසමයි ඔබ සුන්දරයි
මා හද උද්දාම වේ
මිදිවතු සපුරා පිපේ
අසමසමයි ඔබ සුන්දරයි
මා හද උද්දාම වේ
2
ඔබෙ ගුණ පුරා ගයන්නට
හැකි ගීතයක්ද නෑ
ඔබේ ප්රේමේ හැම වෙලේ
විඳිනා හදක් ද නෑ
හැකි ගීතයක්ද නෑ
ඔබේ ප්රේමේ හැම වෙලේ
විඳිනා හදක් ද නෑ
3
නුමුත් හද ප්රීති වන්නේ
කරුණා ප්රේමෙන් නොවේ
පෙම්වන්ත වූ ඔබම වේ
තෘප්තිය මගේ සදා
කරුණා ප්රේමෙන් නොවේ
පෙම්වන්ත වූ ඔබම වේ
තෘප්තිය මගේ සදා
4
හැමට වඩා ඔබයි උතුම්
මිහිරියි හැමට වඩා
නෑ ඔබ හැර පොළොවේ ස්වර්ගේ
අප සිත නිවනා කෙනෙක්
මිහිරියි හැමට වඩා
නෑ ඔබ හැර පොළොවේ ස්වර්ගේ
අප සිත නිවනා කෙනෙක්