Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ස්වාමීන් මා එඩේරාය

දෙවිඳුන් අත්දැකීම එඩේරාණන් ලෙස

Sinhala8444
1
ස්වාමීන් මා එඩේරාය
ප්‍රේමෙන් පෝෂණය කරයි
මා ඔබගෙයි, ඔබ මාගෙයි
කිසි හිඟයක් මට නැතිවෙයි
2
නිල් තණ බිම වෙත ගෙන යයි
සිත සනසා මා සතපයි
නිශ්චල දිය මං අසලින්
මා ගෙන යයි, බිය දුරුවෙයි
3
මග වැරදී යමි නිරතුරු
ඔබ මා නැවතත් ගෙන එයි
නාමෙ ඔබේ වෙනුවෙන් මට
යළි එන්නට මග පෙන්වයි
4
අපැහැදිලියි, නිශ්චිත නෑ
කෙලෙසද පසුපස යන්නේ
ඔබ දණ්ඩයි සැරයටියයි
මා හා එයි, මග පෙන්වා
5
සතුරන් මා වට කළ මුත්
පසන් වරම භුක්ති විඳිම්
මා හිස ආලේප කරයි
කුසලානය උතුරා යයි
6
ඔබ මගෙ මිහිරිම ප්‍රේමෙයි
මගෙ පරපුර තිබෙන තුරා
ඔබ ප්‍රේමය වෙනස් නොවෙයි
නිරතුරුවම ඔබ පසසම්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.