1
පුළුලයි ගැඹුරුයි දෙව් පෙම
වටහාගනු බෑ අපට
එනිසයි ලැබුවේ පව්කාර අප
සමිඳුන්ගේ කරුණාව
වටහාගනු බෑ අපට
එනිසයි ලැබුවේ පව්කාර අප
සමිඳුන්ගේ කරුණාව
2
සමිඳුන් ගෙවමින් මිලය
මා හිමී කරගත් බැවිනී
කැමතියි කුරුසේ රැගෙන යන්ට
එතුම් පස්සේ විශ්වාසෙන්
මා හිමී කරගත් බැවිනී
කැමතියි කුරුසේ රැගෙන යන්ට
එතුම් පස්සේ විශ්වාසෙන්
3
ඉවත දමමී සෑම දේ
මට ක්රිස්-තුන් ලැබ ගන්ට
දිවි හෝ මරණය දැන් මට පල නෑ
හැරිලා බැල්ම පල කිමද
මට ක්රිස්-තුන් ලැබ ගන්ට
දිවි හෝ මරණය දැන් මට පල නෑ
හැරිලා බැල්ම පල කිමද
4
මගෙ නෑසියන් ලෝ දෙයට
ලොල් වන මුත් මා රුචි නෑ
සමිඳුන් මා නිසයි දුක්පීඩා වින්දේ
කැමතියි විඳින්ට- එලෙසේ
ලොල් වන මුත් මා රුචි නෑ
සමිඳුන් මා නිසයි දුක්පීඩා වින්දේ
කැමතියි විඳින්ට- එලෙසේ
5
මගෙ ගැළවුම්කරු සොයමී
එතුමන් අබිමුව පමණී
එතුම් වෙනුවෙන් දිවියට දුක ගෙන
මගෙ ලාභය කැපකරමී
එතුමන් අබිමුව පමණී
එතුම් වෙනුවෙන් දිවියට දුක ගෙන
මගෙ ලාභය කැපකරමී
6
ඔබ මගෙ සැනසුම වේ
මගෙ ආදර යේසු සමිදේ
ස්වර්ගේ පොළොවේ කවුදෝ ඉන්නේ
මට ඔබ හැර ප්රේමේ දෙන්ට
මගෙ ආදර යේසු සමිදේ
ස්වර්ගේ පොළොවේ කවුදෝ ඉන්නේ
මට ඔබ හැර ප්රේමේ දෙන්ට
7
හැම දුක් පීඩා නිෂ්ඵලයි
මට ඒ කිසිවක් ඕනෑ නෑ
ඔබෙ ප්රේමය ඕනෑ බැඳ ලන්නට
මා ප්රාණේ ආත්මය, සිරුර
මට ඒ කිසිවක් ඕනෑ නෑ
ඔබෙ ප්රේමය ඕනෑ බැඳ ලන්නට
මා ප්රාණේ ආත්මය, සිරුර
8
සමිදේ ඔබගෙන් ඉල්ලමී
මට මග පෙන්වනු මැනවී
ඔබේ බලයෙන් මාව සවි ගන්වා
පසුකර යන්ට නපුරු යුගේ
මට මග පෙන්වනු මැනවී
ඔබේ බලයෙන් මාව සවි ගන්වා
පසුකර යන්ට නපුරු යුගේ
9
සාතන්, මාංසය, ලෝකය
මාව- පරදාලයි නිතිනේ
ඔබ මා සවිමත් නොකළොත් ඔබගේ
නාමෙට වෙනු ඇත අවමන්
මාව- පරදාලයි නිතිනේ
ඔබ මා සවිමත් නොකළොත් ඔබගේ
නාමෙට වෙනු ඇත අවමන්
10
දැන් කාලය අඩු බැවිනී
පොළොවේ බැම්මෙන් ලිහනු මැනේ
ඔබ එනවිට මම සතුටින් ගයමී
හලෙලූයා ආමෙන්
පොළොවේ බැම්මෙන් ලිහනු මැනේ
ඔබ එනවිට මම සතුටින් ගයමී
හලෙලූයා ආමෙන්