Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala708
1
පාන්දර පිනි මෙන් නැවුම්ය
දී නිශ්චල මිහිරී
ක්‍රිස්තුන්ගේ ආලේපයෙන් මුදු
දී වදන් සැනසිල්ලේ
පීඩාවේ නිමාව තෙක්ම, කුණාටු අවසානේද
යේසුස් මහිමෙට නැගිටින්න, රාජ්‍යය දිනනා තුරා.
 
මා ස්වාමීනී
මියුරුයි හඬ ඔබේ
ප්‍රීතියි මා හද
ඔබගේ අබිමුවේ
2
ක්ලාන්ත වේ නම් පීඩාවේදී
මාගෙ හද හා ආත්මය
මාගෙ ඇදහිල්ල යයි බිඳී
ප්‍රාර්ථන තරුව නිවී
ඒ කල ඔබෙ ඇදහිල්ල
ජීව බලයෙන් මා වසයි
සෑම සම්පත් මහීමේ ඔබේ
දැන් බෙදාගන්නට තියේ
3
පාන්දර හිරු මෙන් නැඟී මා
අන්ධකාරය පළවා
ආදර සුවයේ පියාපතින්
රෑ දවාලට පෙරළා,
එන්න සමිදේ සැනසිල්ලේ
දුක්බර මාගෙ හදට
එන්න මහිමේ පැතුම මාගේ
යලී නොයන්ට කිසිදා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.