Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

කන්ටත් බොන්ටත් දෙන්ට මට යේසුනි

වචනය හැදෑරීම වචනයෙන් පෝෂණය වීම.

Sinhala811
1
සාගිනියි හද පිපාසයි ආත්මේ
එමි ලබන්ට සැපයුම ඔබෙන්
අන් දේ නොව ඔබයි මට ඕනෑ වන්නේ
සා පවස නිවන්ට ඔබටයි හැකී
 
කන්ටත් බොන්ටත් දෙන්න -
මට යේසුනි - නිවා සාගිනි, පිපාසේ
ප්‍රීතියෙන් පුරා මගෙ ශක්තිය වී -
නිවා සාගිනි, පිපාසේ
2
ඔබ ජීවනේ කෑමත් ජලයත් වේ
මා ආත්මෙ නංවන්ට ඔබටයි හැකී
කන්ටත් බොන්ටත් ඕනෑ මට ඔබමයි
යාඥාවෙන් කියැවීමෙන් ඔබ විඳිමින්
3
දෙවිඳුන් පූර්ණත්වේ වූ වචනය ඔබයි
මට දේව ජීවේ දුන් ආත්මේ ඔබයි
වචනය තුළ කෑම සේ මා ඔබ ගන්නේ
ජලය වේ ඔබ මාගේ ආත්මේ ලෙසේ
4
වැටුණේ ඔබ ස්වර්ගයෙන් කෑම ලෙසේ
ගැසුවේ ඔබහට මාගේ පානය වන්ට
නිම් නැති සැපයුමයි කෑම ලෙසේ
දියපාරයි මට ඔබ ජලය ලෙසේ
5
ආත්මේ හා ජීවනෙයි වචනය තුළේ
එලෙසින් ඔබ කන්නෙමි වචනය මගින්
ආත්මය සේ ඔබ මාගේ ආත්මේ ඉන්නේ
එසේ ඔබෙ ආත්මය මම බොන්නෙමී
6
භුක්ති විඳින්ට ඔබෙ වචනය ගමී
සාගිනී නිවෙනා තෙක් කන්ට ඔබ
ආත්මෙන් හැරෙන්නෙ-මී ඔබ වෙතට
පවස නිවෙන තුරු ඔබෙන් බොන්ට
7
කන්නටත් බොන්නටත් යේසුනි ඔබෙන්
කියැවීමෙන් කමි යාඥාවෙන් බොමී
කියැවීමෙන් යාඥාවෙන් කා බී ඉමී
යාඥාවෙන් කියැවීමෙන් ඔබ ගන්නෙමී
8
මෙහිදී සමිඳුනි ඔබ භුක්ති විඳිම්
ආත්මෙන් උතුරා ඔබගේ වචනෙන් පිරී
ඔබ මා තුළ මංගල්‍ය කෑමක් වේවා
මිනිසෙක් සේ කිසිදා නෑසූ විරූ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.