Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

මිහිරියිද කොතරම් යේසුස් නාමේ

සමිඳුන් පැසසීම උන්වහන්සේගේ නාමය

Sinhala66
1
මිහිරියිද කොතරම් යේසුස් නාමේ
ඇදහිලිවත් සවනේ
එය- තුවාල සුවකර දුක නිවමින් - ඔහු බිය දුරු කරලන්නේ
ඔහු බිය දුරු කරලන්නේ //
එය තුවාල සුව කර දුක නිවමින්- ඔහු බිය දුරු කරලන්නේ
2
ආත්ම බිඳී ගිය, සුව කරලයි එය
කැළඹුණු සිත නිවමින්
කුස-ගින්න නිවන්නට මන්නා වේ- එය වෙහෙසට නිවනක් වේ
එය වෙහෙසට නිවනක් වේ//
කුස-ගින්න නිවන්නට මන්නා වේ- එය වෙහෙසට නිවනක් වේ
3
අප ගොඩනගනා පර්වතයයි ඒ
පළිහද රැකවරණය වේ
වර-ප්‍රසාදයෙන් පිරි නිම් නොවෙනා - මහ නිධානයයි නොනිමී
මහ නිධානයයි නොනිමී //
වර-ප්‍රසාදයෙන් පිරි නිම් නොවෙනා - මහ නිධානයයි නොනිමී
4
යේසුස් මිතුරා හා මිදුම්කරුයි
පූ-ජක තැන හා රජු වේ
අප- ජීවය, මාර්ගය, සමිඳුය ඔබ -පිළිගනු මැන අප පැසසුම්
පිළිගනු මැන අප පැසසුම් //
අප- ජීවය, මාර්ගය, සමිඳුය ඔබ -පිළිගනු මැන අප පැසසුම්
5
අප හද වෑයම දුබලයි උණුසුම්
සිතිවිලි වුව සීතල වේ
ඔබ- සිටිනා අයුරින් දකිනා විට - අපි පසසන්නෙමු නිතිනේ
අපි පසසන්නෙමු නිතිනේ //
ඔබ- සිටිනා අයුරින් දකිනා විට - අපි පසසන්නෙමු නිතිනේ
6
ඒ තෙක් අපි පවසමු ඔබෙ ප්‍රේමේ
ගන්-නා හුස්මක් පාසා
ජය-ගමු අපි ඒ විස්මිත නාමෙන් - මරණේ බල පරදා ලූ
මරණේ බල පරදා ලූ//
ජය-ගමු අපි ඒ විස්මිත නාමෙන් - මරණේ බල පරදා ලූ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.