1
පිය දෙවිඳුනි ඔබ පසසන්නෙමූ
පැසසුම් ලබනට යුතු ඔබමයි
ආත්මෙන් සැබෑකමින් ඔබ පසසනා
අය නිරතුරු ඔබ සොයන නිසා
පැසසුම් ලබනට යුතු ඔබමයි
ආත්මෙන් සැබෑකමින් ඔබ පසසනා
අය නිරතුරු ඔබ සොයන නිසා
2
ඔබ මැවු ලෝ සැම පුතු තුළිනා
සැම දේ එතුමන් බලය තුළයි
ඔබ වෙත එන්නේද ඒ තුළින්මයි
කොතරම් පැසසුම් දිය යුතුදෝ
සැම දේ එතුමන් බලය තුළයි
ඔබ වෙත එන්නේද ඒ තුළින්මයි
කොතරම් පැසසුම් දිය යුතුදෝ
3
මග පෙන්වන්නේ එතුමන්මයි
ඔබට ගයන්නට මේ රැස්වීමෙදී
මෙලෙසින් ළං වී මිදීම තුළින්
ඉඳීම ඔබගේ ප්රීතිය වේ
ඔබට ගයන්නට මේ රැස්වීමෙදී
මෙලෙසින් ළං වී මිදීම තුළින්
ඉඳීම ඔබගේ ප්රීතිය වේ
4
අප එක්වී ගයනා මේ ගී
පිය දෙවිඳුනි ඔබෙ සිත සතුටයි
ඔබ පුත් මෙහෙයන පැසසුම් තුළේ
ඔබට වසන්නට තැනක් තිබේ
පිය දෙවිඳුනි ඔබෙ සිත සතුටයි
ඔබ පුත් මෙහෙයන පැසසුම් තුළේ
ඔබට වසන්නට තැනක් තිබේ