Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala50
1
පියාණෙනී අප පැසසුම් ගීතේ
මෙහෙයන්නේ ඔබෙ පුත්‍රයාමයි
මිහිරිද කොතරම් ඔබ හට ඒ
පැසසුම් තුළ අපි එක්වන්නේ
2
ඔබ අබිබවනා යහපත හෝ
ඔබ හට අඩු පෙම සොයා නොයමූ
සෙවිය නොහැකි ඔබෙ දේව ජීවනේ
දැන ඔබ හට අපි පෙම් කරමූ
3
ඔබ පෙම තුළ අපෙ පෙමද වැඩේ
පොළෝ බැඳුම් සැම අබිබවමින්
අප තුටු කොට ඔබ ඉන්නා තැනදී
ඔබ පෙම බලයෙන් මග පෙන්වයි
4
පියතුමනී ඔබෙ පුතු හා එක්වී
සතුටින් නිති ඔබ පසසන්නෙමූ
ඔබ ශුද්ධ ප්‍රේමේ භුක්ති විඳිමින්
ඔබ නම රස විඳ පුතුන් විලසින්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.