1
පුදුමයි කරුණාව මා වැනී
පව්කාරයෙකු මිදූ
නැතිවී උන් මා දැන් හමු වුණී
අන්ධ වූ මට දැන් පෙනේ
පව්කාරයෙකු මිදූ
නැතිවී උන් මා දැන් හමු වුණී
අන්ධ වූ මට දැන් පෙනේ
2
කරුණාවයි මා සිත බිය කළේ
එයමයි බිය දුරු කළේ
කොතරම් අගනේද ඒ සෙනේ
මා ඇදහූ මුල් පැයේ
එයමයි බිය දුරු කළේ
කොතරම් අගනේද ඒ සෙනේ
මා ඇදහූ මුල් පැයේ
3
සමිඳුන් මට යහපත දේය කී
වචනේ මා සැනසුමයි
සමිඳුන් කොටසයි පළිහයි මගේ
මා දිවි තිබෙනා තුරා
වචනේ මා සැනසුමයි
සමිඳුන් කොටසයි පළිහයි මගේ
මා දිවි තිබෙනා තුරා
4
උන් පසු වස් දසදහසක් අපී
බබලා එලියෙන් හිරු සේ
ඇරඹූ දා මෙන්ම කල් ඇතේ
දෙවිඳුන් පසසන්ට
බබලා එලියෙන් හිරු සේ
ඇරඹූ දා මෙන්ම කල් ඇතේ
දෙවිඳුන් පසසන්ට