Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

එඩේරාමයි මා තණබිම වන්නේ

ක්‍රිස්තුන් අත්දැකීම එඩේරාණන් ලෙස

Sinhala1170
1
එඩේරාමයි මා තණබිම වන්නේ
එඩේරාමයි නිශ්චල දිය ඒ
ආත්මෙන් ඒ සම්පත් විඳගන්නේ
මට කොතරම් ආශීර්වාදදෝ
 
යහපත්කමත් කරුණාවත්, නිති මා අනුව එයි
සැමදා, සැමදා ජීවිතේ
යහපත්කමත් කරුණාවත්, නිති මා අනුව එයි
සැමදා, සැමදා ජීවිතේ
මම ස්වාමීන්ගේ ගෘහයේ වසන්නෙමි සදා
මට පිළියෙල කළ මේසෙන්ද භුක්ති විඳිම්
යහපත්කමත් කරුණාවත්, නිති මා අනුව එයි
සැමදා, සැමදා ජීවිතේ
2
ස්වාමීන්වහන්සේ මාගේ එඩේරා
ඒතුමන් මා සතපවන්නේ
නිශ්චල වූ දිය අසලින් ගෙන යන්නේ
ඒ කොතරම් මා සනසන්නේදෝ
3
එඩේරා පණගන්වයි මා ආත්මේ
හැඟීම කැමැත්ත සෑම
මිටියාවතේ යනමුත් මට ඉන්නේ
කෙබඳු සහකරුවෙකුදෝ
4
එඩේරාණන් පිළියෙල කළ මේසෙන්
නපුරා පරදා භුක්ති විඳිම්
ආලේප කොට මාගේ හිස තෙලින්
මා කුසලානේ උතුරා යන්නේ
5
ස්වාමීන්ගේ ගෘහයේ දැන් මා ඉන්නේ
දෙවිඳුන්ගෙන් හැම යහපත ලබා
මා ප්‍රීතිය වචනෙන් කි-ව නො-හේ
යේසුස් මාගේ ප්‍රීතිය වන්නේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.