Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

කොතරම් පුදුමද ස්වාමීනි

සමිඳුන් පැසසීම උන්වහන්සේ සිහි කිරීම

Sinhala233
1
කොතරම් පුදුමද ස්වාමීනී
ඔබ මා තුළයි මා ඔබගේ තුළයි
ඔබ හා මා එක් අයෙකු බවයි
අරුමද කොතරම් ස්වාමීනී
2
ඔබෙ කය දුන්නේ මා වෙනුවෙන්
මා ඔබ හැමදා ලැබගන්නටයි
ඔබෙ ලේ හෙළුවේ මා වෙනුවෙන්
පාපෙන් මා නිදහස් වෙන්නටයි
3
උත්ථානයෙන් ඔබ වෙනස් වුණේ
ආත්මය සේ පොළොවට එන්නටයි
එසේ කළේ මා ඔබෙන් පිරී
ඔබෙ හැම සම්පත් ලැබගන්නටයි
4
අප දකිනා මේ සංකේතෙන්
පෙම්වත් වූ ඔබ දැකගනිමූ
ඔබගෙ ප්‍රයත්නය දකින වෙලේ
ඔබගෙ කැමැත්තට ස්තුති කරමූ
5
මේ රොටි කා මිදියුෂ බීමෙන්
ඔබෙ මිහිරට කැඳවනු ලබමූ
එක් එක් ආත්මෙන් ඔබ ලබමින්
අපි හැම ඔබ භුක්තී විඳිමූ
6
කන්ටත් බොන්ටත් ලොල් වන්නෙම්
ගන්ට මෙලෙසින් ඔබ ආත්මයෙන්
අප සපුරා ඔබ පුරන තුරා
ඒය සැබෑ සැමරුම සැමගේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.