Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1154
1
යේසූනි ඔබට
මම ප්‍රේම කරමී
ඔබෙ ප්‍රේමේ අදී මා
සොයා දිව එන්ට...//
ඔබ ප්‍රේමවන්තයි,
ඉතාම ශෝභමානයි,
ඔබෙන් මා හද ප්‍රසන්න වන්නේ ...//
2
ඔබෙ ප්‍රේමය මිහිරියි,
මිදිපැනටත් වඩා
ඔබෙ තෛල සුගන්දේ,
මහදේ දැවටෙයි...//
උයන් උල්පතයි,
ජීව-නයේ දිය ළිඳයි,
ලෙබනන් කන්දෙන් ගලා හැලෙනා...//
3
ප්‍රේමවන්තය එන්න,
මා උයන කරා
සුවඳ ද්‍රව්‍ය බිඳී,
ගලන්ට සුගන්දේ...//
මනාලී සොයුරී,
මම එන්නෙමී උයනට
මිදි පැන්, කිරිපැණිත්, භුක්ති විඳින්ට...//
4
මා මුද්‍රාවක් සේ
තබන්ට ඔබෙ හදේ
ප්‍රේමේ බලවන්ත
වේ මරණය සේ...//
බොහෝ ගං දියෙන්,
ප්‍රේමය නිවිය නොහේ
මිනිසා ප්‍රේමෙට දෙන දේ නිෂ්ඵලයි...//

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.