Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1159
1
යේසුනී ඔබේ රූ සොබාවෙන්
මන්මත් වී මහද පුබුදා
මුදවා හැම ආගම් බැම්මෙන්
ඔබ තුළේ ඉන්නට ඉඩදී
දකිනා විට මා ඔබෙ මහිමේ
පුරවා මා හද දෙව් දීප්තියෙන්
පොඟවන්ට මා මුසු කරමින්
ඔබගේ හා මාගේ ආත්මයන්
2
දිලෙනා වූ පැහැදිලි අහසේ
සමිඳුන් දකිමි සිහසුනේ
දැවෙමී ගින්නෙන් දෙවිඳුන්ගේ
ඔබගෙන් මා දිලෙනා තුරා
දුටුදා ඔබව මුළු මහිමෙන්
වැටුණේ මා ප්‍රාණ මහිමේ
පසසයි දැන් මගෙ හද ප්‍රේමෙන්
ඔබෙ නාමෙ රස විඳිමින්
3
සුවඳ තෙල් බඳුන මා ගෙනා ඒ
බිඳිම් දැන්, ඔබට ප්‍රේමයෙන්
හිස ඔබේ ආලේප කරන්නෙම්
ඒ මගේ අගනාම වූ දෙයින්
සමිදේ ඔබට කැප වෙන්නෙම්
ඒ ප්‍රේමේ පිනවයි මා ගැඹුරින්
ඒ ගලයි හැම ගැඹුරු තැනින් මා
අනගි තෙල් ඔබටම පුදම්
4
එනුමැනේ පෙම්වත කඳු මුදුනේ
ආශා වෙම්, ඔබ දැකගන්නටා
බොනු මැනේ, මා හද උල්පතිනේ
ඔබ තුළේ මා ඉන්නා තෙක් සදා
මා මෙසේ ඔබට පෙම් කරන්නේ
සමගයි සැම ශුදතුන් ලොවේ
මනාලි සේ බලා ඉමු ප්‍රේමෙන්
සමිදේ ඔබ පිනවන්නටා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.