Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ප්‍රීතියි මා හට මේ සුන්දර ස්ථානේ

සභාව අපගේ ගෘහය සහ විවේකස්ථානය ලෙස

Sinhala1237
1
අප ගෙනාවේ සභාවටයි, සමිඳුන් උයනටයි
එහි වැවෙනා ක්‍රිස්තුන් විඳ ගන්ටයි
එතුම්- සපිරියි සම්පත්වලින් විඳගන්ට අපට
නැවුම්ය- අළුත්ය බොහෝ ඇත්තේය
 
ප්‍රීතියි මා හට මේ සුන්දර ස්ථානේ
උන්වහන්සේගේ උද්‍යානේ
ජීව-නේ ගසින් කන්ටත්, ජීව-නේ දිය බොන්ටත්
වඩා උතුම් දෙයක් තවත් නැතී
2
එය පා-සැලක් හෝ කම්හලක් හෝ දෙව්මැදුරක් නොවේ
උය-නකි සමිඳුන් වවනා
අ-ප සෑම එක්කොට ඒ-තුමන්ගේ උයනේ සිටුවාලා
පැලවී වැඩෙන්ට සළසාලා
3
සභා උයනේ ඇත පල-තුරු පිරුණු ගසක්
කන්ට අපට ජීවනෙන් සපිරී
සරල- වී දැඩි නො-වී කන්න එන්න ඒ ගසින්
ගනිමින් යේසුස් මිහිරී අප තුළටා
4
ගස- හා ඇත්තේ ජලයයි දෙ-වි-ඳුන්ගෙන් ගලනා
අපේ පවස නිවා සිත සනසාලා
හාලෙලූයි යේසුස් ග-ලා එන්නේ ජීවනය දී
ඒ උද්‍යානේ අ-ප වැඩෙන ලෙසේ
5
ස්තූතී නැද්ද ප්‍රීතී නැද්ද අප ගෙන ආ නිසා
ඒතුම් සම්පත් ගලනා මේ ස්ථානේ
ඉතින් ප්‍රීතී වී උද්දාම වී ලබන්න ආත්මයෙන්
ඒතුම් උද්‍යානේ බෝ පල දරමින් 

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.