Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

මාගෙ ප්‍රාණෙ ප්‍රේමවන්ත

ශුභාරංචිය ස්වාමීන්වහන්සේට මොර ගැසීම

Sinhala1057
1
මාගෙ ප්‍රාණෙ ප්‍රේමවන්ත
යේසුන්ගේ ළය-ට එමී
දළ රළ පෙල- ගැසෙද්දි
සුළි කුණා-ටු රැව් දෙද්දී
සගවගනු මැනේ යේසුනී
දිවි කුණාටු පහවෙනා තුරා
කෙම් බිමක් කරා ගෙනැත්
ගනු මැනේ මගේ ප්‍රාණය
2
අන් පිළී-සර-ණක් නෑ
මාගෙ ප්‍රාණෙ ඔබ වෙත රැදේ
තනි කර දමා නොයන්න
සුරැක මාව සනසනු මැනේ
විශ්-වාසය- ඔබ-මය
උප-කාරය ඔබ-මය
අත්තටුවලින් ඔබේ
මා හිස වස-නු මැනේ
3
ඕනෑ වන්නෙ ඔබවමයි
ඔබය මාගෙ සෑ-ම දේ
වැටුණු අයව නැගි-ටුවන්න
අන්ධයන්ට දැක්-ම දී
ශුද්ධය- ඔබේ නා-මය
අදමිටුය වෙමී මා නම්
නපුරු හා පව්කාර වෙම්
ඔබය සත්‍යය- ප්‍රසාදය
4
ඔබෙ ප්‍රසාද දීමනාව
මාගෙ සෑම පව් වසන්-ට
සුවයෙ ගං දිය ගලන්න
මා පවි-ත්‍රව තබන්ට
ඔබය ජීවනේ- උල්පත
නිදහසේ ඔබෙන් ලබන්ට මා
මා තුළේ උල්පත් සදා
නැගෙනු මැන සදා-කාලයේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.