සමිඳුනි මගෙ දිවි අරගන්න

B254 C339 CB445 E445 F79 G445 K339 LSM110 P445 R313 S192 Si445 T1359
1
සමිඳුනි මගෙ දිවි අරගන්න
ඉඩදී ඔබටම කැපවෙන්න
මගෙ හැම මොහොතක් දවසක්ම
ඔබ පසස-මින් ගතවෙන්න//
2
සමිඳුනි දෑතම අරගන්න
ඔබෙ ප්‍රේමෙන් එය මෙහෙයන්න
මගෙ දෙපයම ගෙන ඔබ වෙනුවෙන්
සුන්දර හා ඉක්මන් වන්න//
3
මගේ කටහඬ ගෙන ඉඩදෙන්න
ඔබටම ගීයෙන් පසසන්න
මගෙ දෙතොලද ගෙන හැමවිටම
ඔබෙ වදනින් සපිරී ඉන්න//
4
මගෙ රන් රිදියද ඔබ ගන්න
කිසිවක් නැහැ මට සඟවන්න
මගෙ බුද්ධිය ගෙන යොදවන්න
ඔබ රිසි ලෙස හැම බලයක්ම//
5
කැමැත්ත මගෙ ඔබ අරගන්න
එය මගෙ නොව ඔබගෙම වන්න
මගෙ හදවත ඔබටම ගන්න
එය ඔබගේ සිහසුන වන්න//
6
මගෙ පෙම සමිඳුනි අරගන්න
එය ඔබ පාමුල වගුරන්න
මා ද සමිඳ ඔබ අරගන්න
සදා ඔබට පමණක් වන්න