හුස්මෙන් ගෙන මදි ඔබ

C142 CB172 D172 E172 F225 G172 K142 LSM32 P172 R125 S82 Si172 T172
1
හුස්මෙන් ගෙන - මදි ඔබ
පවන ඒ- ප්‍රේමේ
මුරුතයේ - සුගන්ධයයි
මට හෙනා - මල ලෙසේ
ස්වර්ගෙන් ආලේපයයි //
2
බලා නිම කරන්ට බෑ
සොඳුරු වේ- ඔබ
මගෙ හද - උද්දාම වේ
ඔබෙ වතේ - දීප්තී ලෙසේ
රුසිරී දකින්නෙමී //
3
දුන්නත් කෙතෙක් මදි මට
මිදුම්කරූ- ස්වාමී
නෑ සිත් මට - යන්ට මිදී
මම සදා - ඔබටම
සේවේ කරන්නෙමී//
4
ගුණ ගයා නිමන්ට බෑ
මිහිරිම- නාමේ
ස්වර නැගේ - මියුරු වූ
මගෙ හදින් - ප්‍රීතියෙන්
ප්‍රාණේ තුටින් පුරා//
5
නිමන්ට බෑ ඔබ ගැන
කියන්ට බෝ- දේ වේ
ඔබට ළං - කරගයි මෙමා
සැමදේම - හොඳින් තිබේ
කියා සෙනෙහසින් //