1
ඒ දිවි දුන්නේ මටයි
ඒ ලේ හැලුවේ මටයි
මා මිල ගෙවන්නටයි
මරණින් පණ දෙන්නටයි
ඔබ දිවි දුන්නේ මටයි, මටයි
මොනවාද මා දුන්නේ?//
ඒ ලේ හැලුවේ මටයි
මා මිල ගෙවන්නටයි
මරණින් පණ දෙන්නටයි
ඔබ දිවි දුන්නේ මටයි, මටයි
මොනවාද මා දුන්නේ?//
2
වසර ගණන් ගෙව්වේ මටයි
වෙහෙසින් දුකින් පිරී
ඔබ මහිමය මෙමා
සදා ලබන්නටයි
වසර ගණන් ගෙව්වේ මටයි,
කොතරම්ද මා දුන්නේ?//
වෙහෙසින් දුකින් පිරී
ඔබ මහිමය මෙමා
සදා ලබන්නටයි
වසර ගණන් ගෙව්වේ මටයි,
කොතරම්ද මා දුන්නේ?//
3
පිය ගෙය ආලෝකයේ
දේදුන්නෙ සිහසුන
හැම අත්හැර ආවේ
තනිව සැරි සරා
හැම අත්හළේ මටයි, මටයි
මොනවාද මා හළේ?//
දේදුන්නෙ සිහසුන
හැම අත්හැර ආවේ
තනිව සැරි සරා
හැම අත්හළේ මටයි, මටයි
මොනවාද මා හළේ?//
4
ඔබ මා නිසා දෑරූ
දුක් වේදනා සියල්
කියා නිම නොහේ
ඒ මා මුදන්නටයි
ඔබ වින්දෙ දුක් මටයි, මටයි
මොනවාද මා වින්දේ?//
දුක් වේදනා සියල්
කියා නිම නොහේ
ඒ මා මුදන්නටයි
ඔබ වින්දෙ දුක් මටයි, මටයි
මොනවාද මා වින්දේ?//
5
ඔබ ගෙන ආවේ මටයි
ඉහළින් ඔබේ ගෙයින්
ගැළවීම නොමිලයේ
කමාව හා ප්‍රේමේ
උතුම් තෑගී මටයි මටයි
මොනවාද මා දුන්නේ?//
ඉහළින් ඔබේ ගෙයින්
ගැළවීම නොමිලයේ
කමාව හා ප්‍රේමේ
උතුම් තෑගී මටයි මටයි
මොනවාද මා දුන්නේ?//
6
මා දිවි ගනු මැනේ
ඔබටම ගෙවන්නට
ලොවේ යදම් බිඳී
මුසුවී දුක් හා ප්‍රීතී
ඔබ දුන්නෙ ඔබ මටයි මටයි
දෙමි මා ඔබටම//
ඔබටම ගෙවන්නට
ලොවේ යදම් බිඳී
මුසුවී දුක් හා ප්‍රීතී
ඔබ දුන්නෙ ඔබ මටයි මටයි
දෙමි මා ඔබටම//
Delete Comment
Are you sure you want to delete this comment?