1
වසර ගණන් සොයමින් සැරිසැරුවේ
නොසිදෙන උල්පතකී
පොළොවේ හැමදේ රසබැලුවත් මා
තෘප්තිය නෑ ලැබුණේ
නොසිදෙන උල්පතකී
පොළොවේ හැමදේ රසබැලුවත් මා
තෘප්තිය නෑ ලැබුණේ
කිසිදා නොසිදෙන උල්පතින් බොන්නේ
ජීවන උල්පතින් මා බොන්නේ
අධික ලෙසින් ජීවය දෙන්නා වූ
ජීවන උල්පතිනේ
ජීවන උල්පතින් මා බොන්නේ
අධික ලෙසින් ජීවය දෙන්නා වූ
ජීවන උල්පතිනේ
2
පාපයෙ කතරේ තවත් නොයමි ඒ
උල්පත ලැබුණු නිසා
උතුරයි ප්රීතියෙ කුසලානේ මා
යේසුස් මා ස්වාමින්
උල්පත ලැබුණු නිසා
උතුරයි ප්රීතියෙ කුසලානේ මා
යේසුස් මා ස්වාමින්
3
දිවි ගත වන විට මෙහිය විවේකය
ශුද්ධ සමාදානේ
කාලය ඉගිලෙයි සැනසුම මෙහි වෙයි
මා හද ආසිරි වේ
ශුද්ධ සමාදානේ
කාලය ඉගිලෙයි සැනසුම මෙහි වෙයි
මා හද ආසිරි වේ
4
මෙහි නොසිදෙන සහතික සැපයුම වේ
යුග යුග පසුවෙද්දී
නිති එමි සොයමින් සුවයේ උල්පත
වෙහෙසුණු ආත්මෙ නිවා
යුග යුග පසුවෙද්දී
නිති එමි සොයමින් සුවයේ උල්පත
වෙහෙසුණු ආත්මෙ නිවා