Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

පුරවන් දැන්, පුරවන් දැන්

ආත්මයාණන්ගෙන් පිරීම පිරීම

Sinhala267
1
පුරවන් මා ඔබ-ගෙ ආත්මෙන්
පුරවන් මාගෙ ආත්මය
පුරවන් මා අභි-මුඛයෙන්
සමිඳ විත් පුරවන් මෙදැන්
 
පුරවන් දැන් පුරවන් දැන්
පුරවන් මා ඔබෙ ආත්මයෙන්
හිස් කොට මා සෑම දේකින්
පුරවන් මා ඔබෙ ආත්මෙන් දැන්
2
නොහැකිය පුරවන්න මාව
නොදනිමි කෙලෙසින්දැයි
මට බොහෝ ඕනෑ ඔබව
සමිඳ විත් පුරවන් මා දැන්
3
දුබලයි මා- බොහෝ ඔබගෙ
පාමුලේ වැටී හිඳිම්
ඔබෙ සදා-තන ආත්මයෙන් දැන්
ශක්තියෙන් පුරවන් මා දැන්
4
මා සෝදා- සනසා ගළවන්න
බිඳුණු ආත්මෙ පුරවමින්
සනසයි මා දැන් ගළවයි මා දැන්
පුරවයි මා මිහිරිව මෙදැන්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.