1
කොතරම් අනගි හා මහීම
වේද ආත්මෙ මා තුළේ
ජීවන-යත් සත්ය-යත් දී
මග පෙන්වා නිතී දිලේ
වේද ආත්මෙ මා තුළේ
ජීවන-යත් සත්ය-යත් දී
මග පෙන්වා නිතී දිලේ
පුරවන් දැන් පුරවන් දැන්
පුරවන් මා ඔබෙ ආත්මයෙන්
හිස් කොට මා සෑම දේකින්
පුරවන් මා ඔබෙ ආත්මෙන් දැන්
පුරවන් මා ඔබෙ ආත්මයෙන්
හිස් කොට මා සෑම දේකින්
පුරවන් මා ඔබෙ ආත්මෙන් දැන්
2
පිළිණයේ වදන් සැබෑව
දෙව් ජීවේ දැන් මා මුදයි
ගළවමින් යටත් කළාවූ
පාපයේ මරණේ බලෙන්
දෙව් ජීවේ දැන් මා මුදයි
ගළවමින් යටත් කළාවූ
පාපයේ මරණේ බලෙන්
3
ජීවනේ උල්පත් සොයා විත්
මුවෙකු සේ පවසින් බොමී
ගලන තෙක් ඔබෙ පූර්ණත්ව-යෙන්,
මා තුළින් ගංගා ඔබේ
මුවෙකු සේ පවසින් බොමී
ගලන තෙක් ඔබෙ පූර්ණත්ව-යෙන්,
මා තුළින් ගංගා ඔබේ
4
මා මිය-යන්නට හරින්න
සමිඳුනී ඔබෙ පාලනේ
මම සැදී ඔබේ හැඩේට
ගලමි ඔබ තුළින් සදා
සමිඳුනී ඔබෙ පාලනේ
මම සැදී ඔබේ හැඩේට
ගලමි ඔබ තුළින් සදා