Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

පුරවා ළිඳ උල්පත් දියෙන්

ආත්මයාණන්ගෙන් පිරීම ජීවන ජලය වශයෙන්

Sinhala250
1
පුරවා ළිඳ උල්පත් දියෙන් - කණින්න සපුරා සමිදේ
කැණ ඉවත ලා බාධා - ගලන් මතුළ දියපාර
2
පැළී ගලයි කිතු පව්වෙන් - ජීවනේ දිය ධාරා
එහෙත් මගේ හද පත්ළේ - අවහිර වේ ගැලීම
3
කණින්නෙමී යාඥාවෙන් - සෑම කිළුටු ගළවා දා
ආත්මයාණන් මුදවා - ජලය ගලන්ට නිදහසේ
4
පැළෙන්ට ඕනෑ නෑ යලී- පර්වතයට ක්‍රිස්තුන්ගේ
ඒත් වුවමනා වන්නේ - කැණීම පමණයි මා තුළේ
5
මට ගැඹුරින් දැන් ඕනෑ - ශුද්ධාත්මෙන් පිරීමයි
එමගින් ජීවන ධාරා - මා හදවත ඉතිරීමයි
6
ගලන මඟට බාධා වූ - සියල්ල ගැළවී යන්ට
කණින්න ඒ දිය පාර - පණිවුඩයෙන් ජීවනේ
7
පිරෙන්න ළිඳ ඉතිරෙන්ට - කණින්න සියලුම දේවල්
ඉවත ලා සැම බාධා - ගලන්ට ඔබෙ දිය පාර

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.