Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

පියාණෙනි ඔබ ආත්මයයි

පියාණන් නැමදීම ආත්මයාණන් වශයෙන්

Sinhala11
1
පියාණෙනී ඔබ ආත්මයයි,
අති ශුද්ධවන්ත ව
හ-ඬ ගසා - සත්‍ය ලෙසින්
අපි නමදිමු ආත්මයෙන්
2
අපට සදා දී ආත්මයක්
ඔබව නමදින්නට
එක් ආත්මයක් වන්ට එසේ
අපේ ආත්මේ රැව් දෙමින්
3
ආවේ පියාණන් පුතු තුළයි
ඒ පුතු නම් ආත්මයයි
අපෙ ආත්මෙට එන්ටයි දෙවී
කොතරම් ප්‍රසාද- දෝ
4
පුතු නම් සදාතන වචනයයි
වචනය නම් ආත්මයයි
ඒ ආත්මයයි ජීවන-ය සේ
ආවේ අප පුබුදුවා
5
ඔබෙ ආත්මය අප ආත්මෙ හා
ඒකත්වයෙන් එක් වී
සාක්ෂී දරයි, අප හැම දෙනා
උපන්නේ යැයි ඔබෙන්
6
ඔබ ආත්මය හැම දේකදී
අපට මග පෙන්වන්නේ
අප ජීවනෙන් සාමෙන් පිරී
එසේ ආත්මික වන්ට
7
අපි ආත්මයෙන් ඔබ නමදිමු
ආත්මෙන් ඔබ අමතමූ
ඔබේ ස්වරූපය දැක්වෙනා සේ
ආත්මය මුදවන්ට
8
පියාණෙනී ඔබ පසසමූ
ඔබ අද ආත්මේ නිසා
අපි ආත්මයෙන් සත්‍ය ලෙසින්
ඔබව නමදින්නෙමූ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.