Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala104
1
අහෝ මගේ මිදුම්කරූ
මළේ ලෙය හලා
කැප වුණේ පණු වැනී
මෙමා වෙනුවෙන්දෝ
2
ඒ දුක් වින්දේ කුරූ-සයේ
බෝ පව් නිසාද මා
පුදුමයි- ඉතා ඒ ප්‍රේමය
කරුණාව මා කෙරේ
3
මැවුම්කරූ මළ නිසා
මැවිල්ලෙ පාපෙට
හිරුත් මහිමය වසා
අඳුරේ සැගවුණේ
4
සඟවා ගමී මගේ වත
කුරුසේ දකිනා විට
දියවෙයි හද ස්තුතී-යෙනී
කදුලින් නෙතූ තෙමේ
5
ඒමුත් එයින් ගෙවන්ට බෑ
ඒ ප්‍රේමයෙ ණය
සමිඳුනි මාව- ඔබට දෙමී
එපමණි කළ හැකී 

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.