Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ක්‍රිස්තුන් මා තුළ වේ

ක්‍රිස්තුන් අත්දැකීම ජීවනය වශයෙන්

Sinhala507
1
දෙව්ගෙන් ඈත්ව පාපෙන් මැරී
නොලැබීමි ආලෝකේ
ඒ මුත් වදනින් එය ලදිම්
දැන් ක්‍රිස්තුන් මා තුළ වේ
 
ක්‍රිස්තුන් මා තුළ වේ
ක්‍රිස්තුන් මා තුළ වේ
මහඟු ගැළවීමයි අහෝ
ඒ ක්‍රිස්තුන් මා තුළ වේ
2
ඈත හිරුගෙ කිරණ මෙන්
පොළෝ මල් පුබුදවූ
එයි ජීවෙත් එලිය හා පෙමත්
ඒ මාතුළ ක්‍රිස්තුන්ගෙන්
3
මල ජීවත්වෙයි බීජයේ
ගසද වෙසෙයි එසේ
සත්‍ය දයාව වූ එතුම්ගෙ
ආත්මෙ පසසමූ
4
එතුම් වගේම වන්ට මා
පැතුම් හදේ පිරේ
වෙසෙම් මවිත වූ සිතින්
ඒ ක්‍රිස්තුන් මා තුළයි

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.