Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

දැන් ජීවනේ ආත්මය අපගේ තුළයි

ආත්මයාණන්ගෙන් පිරීම පැතිකඩ දෙක

Sinhala278
1
දැන් ජීවනේ ආත්මය අපගේ තුළයි
අප පවස නි-වන්නට ජලය ලෙසින්
ඒ ජලයෙන් බී පිරෙමූ අපි සමිඳුන්ගෙන්ම
සමිඳුන් ගඟුලක් සේ අපගෙන් ගලනා තුරා
2
දැන් බ-ලයේ ආත්මය, අප මත්තේ වේ
අප පළඳින්ට දුන්නා වූ ඇඳුමක් ලෙසින්
සමිඳුන් තුළ බෞතීස්මය ලැබ එතුමන්ගෙන්ම
අපි සෑදී ඉමු සේවේට බලයෙන් සැරසී
3
ඒ ජීවනේ ආත්මය මහිමේ හුස්මයි
එය ජීවනේ ආත්මෙයි අප තුළට හෙලූ
ඒ සුළඟින් පෙන්වා දෙන්නේ බලයේ ආත්මෙයි
ඉහලින් ආ බලේ හා අප මත්තේ හැමූ
4
මරණින් නැගුණා වූ සමිඳුන් හුස්මෙන් හෙළා
දුන්නේ ජීව-නේ ආත්මේ ගෝලයන්ට
පෙන්ත-කොස්ත දවසේ ඒ එසවුණු සමිඳුන්
වැගුරූයේ බලයේ ආත්මේ ගෝලයන්ට
5
මේ ජීවනේ ආත්මේ, අප තුළ ජීවයයි
බලයේ ආත්මේ ඇත්තේ මේ ජීවයටයි
සුළඟින් ගෙනෙන්නා සේ ඒ හුස්ම නැවුම්
බලයේ ආත්මේ දෙන්නේ මේ ජීවයටයි
6
මේ ආත්ම දෙකක් නොව, වෙන්වූ ඈත්වූ
කාර්ය-යන් දෙකක් තිබෙනා එකම ආත්මෙයි
දෙවිඳුන්ගෙන් පළඳන්නට අප ඇතුළෙන් පුරවා
අප දෙවිඳුන් හා මුළුම-නින් මුසුවන සේ
7
ජීවනයේ ආත්මෙන් සමිදේ පුරවාලන්න
හැම කොටසම මාගේ, ජීවෙන් වැඩෙනා ලෙසේ
අප පිටතින් සරසාලා ඔබෙ බලයේ ආත්මෙන්
හැම පැයෙහී, ඔබ රිසි සේ, ඔබගේ සේවේට

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.