Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

බලය, බලය පලඳවන් බලය

ආත්මයාණන්ගෙන් පිරීම බව්තීස්මය

Sinhala273
1
එමු අපී ඔබ වෙත, නිදහසින් සමිදුනී
ඉල්ලමූ දැන් ඔබේ අධික බලේ
ඔබගේ රජයට, ඉල්ලමූ ඒ බලේ
යෙදෙන්ට සටනේ සගයේ සිට
 
බලය, බලය, පලඳවන් බලය
ඉහළින් එන ඒ අධික බලේ
බලය, බලය, පලඳවන් බලය
ඉල්ලමු නොබියව ඔබෙ කය සේ
2
අපි ඔබෙන් අයදිමූ, සහතිකෙන් ඉල්ලමූ
ඉල්ලමූ ඔබගෙන් දිව්‍ය වර්ෂා
ඔබගේ කය නිසා, ඒ වර්ෂාවේ තෙමී
ඔබගේ වැඩයට සුදුසු වෙමූ
 
වර්ෂා, වර්ෂා, වගුරුවන් අප මතේ
ඉහළින් වගුරන් දිව්‍ය වර්ෂාව
වර්ෂා, වර්ෂා, වගුරුවන් අප මතේ
ඉල්ලමූ නොබියව, ඔබෙ කය සේ
3
අපි බලා ඉන්නෙමූ. සහතිකෙන් ඉන්නෙමූ
ඉල්ලමූ දැන් ඔබෙන් දිව්‍ය වූ ගිනී
ශුභාරංචිය නිසා, දැවෙමු ඒ ගින්නෙහී
සාදන ලෙස ඔබ ‍මනු හදවත්
 
ගින්න, ගින්න, එවන් දැන් ගිනි දිව්
ඉහළින් ඔබගේ පණිවුඩයට
ගින්න ගින්න එවන් දැන් ගිනි දිව්
ඉල්ලමූ නොබියව ඔබෙ කය සේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.