Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala1024
1
ඔබට ඕනෑ ක්‍රිස්තුස් - ගැළවුම්කරුයි
මිනිසත් බව ගත් දෙවියන්මයි
කයේ හැම පීඩා, විඳ මිය ගියේ
කිළුටු මකා දමන්ට
ඉතින් යේසුස් ඕනෑ
 
යේසුස් ඕනෑමයි, යේසුස් ඕනෑමයි
සෑම මිනිසුන්ට ඕනෑමයි
මිදීමටත් ඕනෑමයි, ගැළවීමටත් ඕනෑමයි
සදාකල් ජීවනයටත් යේසුස් ඕනෑමයි
2
උත්ථාන වී, ස්වර්ගේට ගියේ
සදාතන ජීවනය සපුරන්ටයි
හදවතින් අදහා, ලැබ-ගත් විටයි
ඔබ හැම දේ ලබන්නේ, ඉතින් යේසුස් ඕනෑ
3
අඳුරු වූ සිතට, එලියක් දෙමින්
කමාව දී පාපෙන් ගළවා
ලෙයින් ඔබේ පාප, සෝදා ලමින්
දේව ජීවය ඔබට දෙන්නේ, ඉතින් යේසුස් ඕනෑ
4
ජීවිතේ ඔබේ, අඩුවක් දැනේ
වියපත් වෙද්දී, වැඩියෙන් දැනේ
යේසුස්ට පමණයි, පිරවිය හැකී
සෑම මාන බිඳ දමන්නේ, ඉතින් යේසුස් ඕනෑ
 
යේසුස් ඕනෑමයි, යේසුස් ඕනෑමයි
සෑම මිනිසුන්ට ඕනෑමයි
හිස් කමින් මිදෙන්ටත්, යථාර්ථය ලබන්ටත්
ජීවිතේ අර්ථවත් වෙන්ටත්, යේසුස් ඕනෑමයි
5
ලෝකය පිරී වෙහෙසින් දුකෙන්
කරදර ඇතිවිට කිසිවක් නොපවතී
සියල්ලම හිස්ය, කිමද අදහන්නේ
සියල්ලම සාක්ෂි දරයි, යේසුස් ඕනෑමයි 

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.