රජුන් මගේ යලිත් එතී

C756 CB960 D960 E960 F184 G960 K756 LSM272 P960 R694 S439 Si960 T960
1
රජුන් මගේ යළිත් එතී
පුරා අහස් තලේ
මේ විශ්වය මුදන්නට
ආලෝකයෙන් එතුම්
ඇසේය පාද හඬ එතුම්
සැළැස්ම ඉටු වෙතේ
පටන් ගනි-මි දකින්ට ඒ
මහිම වූ රුව
2
බලා සිටිම් එතුම් උතුම්
මුව- දකින්නට
නොවී අලස් සිටින්නෙමී
දක්නා තුරා එතුම්
මෙමා ඇද-හු දේ දකින්ට
පතන්නෙමී නිතී
පොලෝ තලේ තවත් නැතේ
උද්දාමයක් එවන්
3
එතුම් ළඟයි මහද සදා
නෙත් ස්වර්ගයට හෙළා
දෙතොල් වදන් එතුම් ගැනයි
එකම දෙයයි නිතී
ළඟයි ඉතාම එන දිනේ
ඒ මා නිසාම වේ
පොරොන්දුව වෙනස් නොවේ
දකින්ට යන්නෙමී
4
වදන් සියල් මිදුම්කරූ
සදාම නිසැකමයි
එයින් ලබා දිරිය නිතී
විශ්වාසයෙන් ඉමී
වඩිනු මැනේ මහි-මයෙන්
පරදා රුපුන් සියල්
ගෙනැත් සිංහාසනේ කරා
පොරොන්දු වූ ලෙසින්
5
මිදීමෙ හස්තය ඔබේ
රැකවරණයයි මගේ
රකින්නෙ පියතුමන් ලෙසින්
අද-හන අය
බැටළුවන්ද එඩේරා
ලෙසින් හිසත් කයත්
එකක්ම වේ, පුතුන් ඔබේ
උදුරන්ට බෑ ඔබෙන්
6
අත් සුවහසක් නෙත් දසදහස්
බාධා නොවෙයි මට
දුෂ්කර වුවත් ගමන් මග
දුවමී දිනන්නට
නැගෙන්න මාගෙ ආත්මය
යන්නට හැර ලොව
රැගෙන යනු ඇත වහා
එතුම් හා ඉන්නට
7
හිරු අපේ පැතුම් සුවේ
අගේ කිරණ ඔබේ
ධර්මිෂ්ඨ හා මහිම රජුන්
නමැද යන්නෙමී
වහා සිංහා-සනේ අරා
දක්වන්න වත ඔබේ
රාජ්‍යය ලබා හැමට ඔබේ
කරුණා දයාව පා
8
සත්‍යය දිනා රජුන් වෙතේ
රැජින නිදහසයි
ලොවේ හිස- වූ රජ කළා වූ
බොරුව එළිවෙතේ
සත්‍යය ඔබයි, එනු මැනේ
සගේ එලිය අරන්
පරදා රුපුන් ඔබේ පුතුන්
රඳා ඔබේ ළයේ