දසදහස් හඬවල් කියන්නේ

C110 CB127 E127 G127 K110 P127 R94 S66 Si127 T127
1
දසදහස් හඬවල් කියන්නේ
බැටළු පෝතුම් දෙවිඳුගේ
දසදහස් ශුදතුන් ගයන්නේ
රැව් පිලිරැව් නංවමින්
2
බැටළු පෝතුම් පසසමින්නේ
රැව් නැගේ ස්වර්ගේ පුරා
සැම දිවෙන් ඈතට නැගෙන්නේ
නොනිමෙනා වූ ගීතයයි
3
සුවඳ ධූමෙයි මේ නැගෙන්නේ
පියතුමන් සිහසුන කරා
සැම දණක් යේ-සුට නැමෙන්නේ
සැම සගේ සිත් එක්වෙමින්
4
පියතුමන්ගේ උපදෙසින් දෙයි
පුතුන්හට සම ගෞරවේ
දීප්තියෙන් ඒ පුත්‍රයාගේ
මහිමෙ පවසයි පියතුමන්
5
ගිණිය නොහෙනා මහත් සේනා
බැටළු පෝතුම් වටකළෝ
ආලෝකේ කිරුළ ලූ ඒ
උතුම් මා හට මහිම දී
6
සැම මැවිල්ල ප්‍රීතියෙන් දැන්
සිටී සුවයෙන් සැතපෙමින්
සමිඳු මහිමේ අසිරි ලබමින්
කිසි දුකක් දැන් නොදනිතී
7
බලව් ස්වර්ගේ රාව නැංවේ
ප්‍රශංසා ගී වැල් පුරා
මුළු මැවිල්ල කියත් ආමෙන්
ආමෙන් යැයි දී පිළිතුරූ