ප්‍රේමයයි එලියයි

B13 C6 CB13 D13 E13 G13 K6 P13 R9 S8 Si13 T13
1
ඔබ ප්‍රේමෙයි ආලෝකෙයි
ජීවනෙයි පුතු තුළේ
පෙම පවසා එලි දල්වා
ඔබ ජීවනය දේ
 
ප්‍රේමයයි, එලියයි
ජීවනෙයි පුතු තුළේ
පෙම පවසා එලිය- දී
ඔබ ජීවනය දේ
2
එලියෙන්- ඔබව පෙන්වයි
ප්‍රේමේ ඔබ පවසයි
ඇතුළින් පෙම පිට එලියයි
පෙම එයි, එලිය හා
3
දීමනාවෙන් පෙම දැක්වෙයි
එලියෙන් සත්‍යය පා
ප්‍රේමෙන් භුක්ති විඳිමූ
එලියෙන් දැන ගනිමූ
4
කල්වරියට ගිය ප්‍රේමෙන්
දෙව් ජීවනෙ ලබමූ
එලියෙන් අප සිත විවරව
ඒ ලෙය ලැබ ගනිමූ
5
ප්‍රේමෙන්- ජීවනය සේ
එන්නේ අප තුළට
එලියෙන් ඒ පිවිතුරු වී
අපි ඔබ හා වෙසෙමූ
6
එලියෙන්- හා ලේ වලිනුත්
ආලේපය දනිමූ
එවෙලේ ගලයි ප්‍රේමේ
ජීවනේ අප තුළේ
7
ප්‍රේමෙන් අපි ඔබෙ දරුවන්
අබ්බා පිය කියමූ
එලියෙන් අඳුර පළවා
පුතු සේ අපි දකිමූ
 
කොතරම් සත්‍ය වේදෝ
පෙම පෙනේ, එලි කෙරේ
අපි පසසමු ඔබ දනිමින්
ප්‍රේමෙන් හා එලියෙන්