Skip to content
hymnal.net
hymnal.net
My Songs
Sinhala13
1
ඔබ ප්‍රේමෙයි ආලෝකෙයි
ජීවනෙයි පුතු තුළේ
පෙම පවසා එලි දල්වා
ඔබ ජීවනය දේ
 
ප්‍රේමයයි, එලියයි
ජීවනෙයි පුතු තුළේ
පෙම පවසා එලිය- දී
ඔබ ජීවනය දේ
2
එලියෙන්- ඔබව පෙන්වයි
ප්‍රේමේ ඔබ පවසයි
ඇතුළින් පෙම පිට එලියයි
පෙම එයි, එලිය හා
3
දීමනාවෙන් පෙම දැක්වෙයි
එලියෙන් සත්‍යය පා
ප්‍රේමෙන් භුක්ති විඳිමූ
එලියෙන් දැන ගනිමූ
4
කල්වරියට ගිය ප්‍රේමෙන්
දෙව් ජීවනෙ ලබමූ
එලියෙන් අප සිත විවරව
ඒ ලෙය ලැබ ගනිමූ
5
ප්‍රේමෙන්- ජීවනය සේ
එන්නේ අප තුළට
එලියෙන් ඒ පිවිතුරු වී
අපි ඔබ හා වෙසෙමූ
6
එලියෙන්- හා ලේ වලිනුත්
ආලේපය දනිමූ
එවෙලේ ගලයි ප්‍රේමේ
ජීවනේ අප තුළේ
7
ප්‍රේමෙන් අපි ඔබෙ දරුවන්
අබ්බා පිය කියමූ
එලියෙන් අඳුර පළවා
පුතු සේ අපි දකිමූ
 
කොතරම් සත්‍ය වේදෝ
පෙම පෙනේ, එලි කෙරේ
අපි පසසමු ඔබ දනිමින්
ප්‍රේමෙන් හා එලියෙන්

Delete Comment

Delete this comment? This cannot be undone.