දෙවිඳුන්ය ජීවෙ මූලය

B12 C9 CB12 D12 E12 F2 G12 K9 LSM3 P12 R8 S7 Si12 T12
1
දෙවිඳුන්ය ජීවෙ මූලය
දිව්‍ය- හා පෝසත් වූ
ගලනා ලෙසේ ජීවේ ජලේ
සදාතනේ පුරා
2
පුත්‍රයා තුළින් ඔබ ප්‍රේමයෙන්
ගලා මිනිසුන් තුළේ
ආත්මේ ලෙසත් ගලා ගියේ
කරුණාවෙනුයි ඔබේ
3
නපු-රෙන්ද පාපයෙන් අපී
ගියත් ඇදී ඔබෙන්
පුත්‍රයා තුළින් මුදා ගත්තේ
ප්‍රේමෙන් ජීවේ දෙමින්
4
නිති- ඔබ-ව සුළු කළත්
ඔබෙ ආත්මෙට දුක් දෙමින්
ඔබ ආ-වෙ ආත්මෙ දෙන්නටයි
ඒ ජී-වනය ලෙසින්
5
පුත්‍රයා තුළින් ඔබ ආත්මෙ සේ
මුසු වී පැමි-ණියත්
සහභාගිත්වයෙන් අපි- තවත්
ආලේප වන්-නෙමු
6
දෙව් ප්‍රේමයයි, කිතු ස්නේහයයි
ගලා යන ආත්මයයි
අප හට සම්පත් දෙවි-ඳුන්ගේ
ගෙනෙයි සදාකල්ම
7
පියාද පුතුද ආත්මය
අපට සල-කන්නේ
ඔබේ ප්‍රේමය-ට ගී කියා
නිතී- පස-සන්නේ