සමිඳුනි ඔබගේ වැඩයේදී

C367 CB492 E492 G492 K367 P492 R341 Si492 T492
1
සමිඳුනි ඔබගේ වැඩයේදී
කල්වරියෙදි මොහොතක් රැඳු‍ණේ
එනමුදු ඔබ අදටත් වැඩයේ
අන් අයුරකිනුයි පැවසෙන්නේ
2
තවමත් ගැළවුම දක්වන්නේ
අප අමතා මග පෙන්වන්නේ
ආත්මය හා ඔබෙ ධාරාවේ
බෝ මිනිසුන් පාවී යන්නේ
3
ආත්මෙ තුළේ ඔබෙ බලය ඇතේ
එතුළ ඔබේ- වැඩ නතර නොවේ
තා-මත් සනසා අණ දෙන්නේ
දිරිගන්වා මුදවා ලන්නේ
4
ආත්මය හා ඔබ එක්වූ බැවින්
ආත්මයෙ පැමිණුම ඔබෙ ඊමයි
ආත්මයෙ වාසය ඔබගෙද වෙයි
ඒ ඔබ ආත්මය වීම නිසයි
5
ආත්මය ඉටු කරලයි මහදේ
කැමැත්ත හා අණසක ඔබගේ
පොළෝ තලේ ඔබ සිටිය යුගේ
පිය දෙවිඳුගෙ අණ ඉටු කළ සේ
6
ආත්මය දැන කීකරු වන්නෙමූ
ඒ කීකරු වන්නේ ඔබටයි
ඉඩ දෙද්දී අප ආ-ත්මයට
පිරෙන්නෙ අපි ඔබ සමගින්මයි
7
ඔබ ඉන්නේ දුර සගයෙ නොවේ
අප මෙහි තනිකර අතහැර දා
ඔබ අද ඉන්නේ පොළොවෙහිමයි
වාසය මා-ගේ හද තුළමයි