මා යේසුනී ඔබේ ළඟින්

C169 CB208 E208 F34 G208 K169 LSM40 P208 R157 S95 Si208 T208
1
යේසුස් යේසුස් සමිඳුනි මට - වනු මැනේ කමා
ඔබෙ නම පෙමින් කියන හෙයින් - දහස් වරක් දිනේ
 
මා යේසුනී ඔබේ ළඟින් - සියල්ලෙදී රැඳී සිටිම්
තිලීණයයි සිනා ඔබේ - මා ආදරෙයි ඉතා
2
මා ආදරෙයි නොදන්නෙමී - කෙසේ කියන්නදැයි
ඔබෙ පෙම ගිනී ඇවිලෙනා - මා ආත්මය තුළේ
3
වස්තුවයි ගරුත්වයයි - සියල්ල ඔබ මගේ
සිත කැමැත්ත ගත සවීද - ප්‍රාණ සුවය වේ
4
ඒ පෙම දැවෙන්න මා හදේ - නිතී ලෙසින් ගිනී
දැවෙන තුරා මිනිස් පෙමේ - කිලිටි වූ සියල්
5
දුකට සතුට එලිය රැයට - සගය වේ ලොවේ
මා යේසුනී කවුරුන් කියත්ද - වටිනකම ඔබේ
6
ඒ පෙම ඔබේ නිමක් නැතේ - ඔබ ඉන්නෙ කොයිතැනේ
බෝ මිහිරි වේය සමිඳුනි අද - ඊයෙටත් වඩා