යේසුනි ඔබ දෙව් ප්‍රේමයයි

C391 CB532 E532 K391 P532 Si532 T532
1
යේසුනි ඔබ දෙව් ප්‍රේමයයි
සංහිඳියාවේ- සැඟවුණු මුලයි
රුපුගෙන් සෙවණයි, සරණයයි
ඔබ මාගේ නම්, මම- රැකෙම්
පාපෙන් දුකෙන්- හැම දොසින් මගේ
සැඟවෙමි යේසුනි ඔබෙ නාමයේ
2
සියල්ලෙන් සියල්ලයි- ඔබ මගේ
වෙහෙසින් විවේ-ක සහනයයි,
බිඳි හදට- සුව ඔසුව වෙයි
යුද-යේදී මාගෙ සාමයයි
රුදුරන් රැවුම් තුළ මඳහසයි
නින්දාවේදී මා කිරුල ඔබයි
3
හිඟයේ-දී බහුල සැපයුමයි
දුබල-කමේදී මා බලයයි
බැමි- තුළ- මා නිදහසයි
නපුරාගෙ අඳුරු පැයේ එලියයි
දුකෙහී නොනිමී මා ප්‍රීතියයි
මරණේදී මාගේ ජීවය ඔබයි