1
මට අමිල ඒතුම් හමුවුණා - හද ප්‍රීතියෙන් ගයයි
තව තව ගයම් මා ප්‍රීතියෙන් - උතුම්ය මේ ක්‍රිස්තුන්
තව තව ගයම් මා ප්‍රීතියෙන් - උතුම්ය මේ ක්‍රිස්තුන්
2
ක්රිස්තුන්ය දෙවිඳු බැටළුවා - ගැළවීම ගෙන එනා
එතුම් ධර්මිෂ්ඨ හිරු වෙතේ - තටුවල සුවේ රැඳී
එතුම් ධර්මිෂ්ඨ හිරු වෙතේ - තටුවල සුවේ රැඳී
3
ක්රිස්තුන්ය ජීවනේ ගස - මිහිරී පල පිරී
මා කුසගිනී නිවයි එතුම් - මම කමි හැමදිනේ
මා කුසගිනී නිවයි එතුම් - මම කමි හැමදිනේ
4
ක්රිස්තුන්ය බිඳුණු පර්වතේ - ජීවන ජලේ ගලා
මා හද උල්පතයි එතුම් - පවස සංසිඳනා
මා හද උල්පතයි එතුම් - පවස සංසිඳනා
5
ක්‍රිස්තුන් ආලෝකයයි මගයි - සැනසුම ජීවය සුවෙයි
සාමයයි විවේකයයි - පැතුම හා ප්‍රීතියයි
සාමයයි විවේකයයි - පැතුම හා ප්‍රීතියයි
6
ක්‍රිස්තුන් නුවණයි බලය වේ - ධර්මිෂ්ඨ-කමයි
මගෙ සත්‍යයයි ශුද්ධකමයි - මගෙ ගැළවුමයි ජයයි
මගෙ සත්‍යයයි ශුද්ධකමයි - මගෙ ගැළවුමයි ජයයි
7
ක්‍රිස්තුන් මගේ මිදුම්කරුයි - එඩේරා හා ස්වාමියි
පියාණන් හා උපදේශකයි - මිතුරා හා ප්‍රේමයයි
පියාණන් හා උපදේශකයි - මිතුරා හා ප්‍රේමයයි
8
ක්‍රිස්තුන් මගේ නියමුවයි - මග පෙන්වන ගුරුතුමයි
මනාලයා හා ස්වාමියා - එතුම් මා තුළ වෙසේ
මනාලයා හා ස්වාමියා - එතුම් මා තුළ වෙසේ
9
ක්‍රිස්තුන් බලවත් වූ රජුයි - ප්රොපේතවක්තෘ වේ
දෙවිඳුන් හා මා මැද ඉන්නා - පූජකයාද වේ
දෙවිඳුන් හා මා මැද ඉන්නා - පූජකයාද වේ
10
ක්‍රිස්තුන් ඇදහිල්ලේ කතුයි - එය පූර්ණ කරන්නායි
මැදිහත්කරුයි විශ්වාස වූ - සාක්ෂි කරුයි සැබෑ
මැදිහත්කරුයි විශ්වාස වූ - සාක්ෂි කරුයි සැබෑ
11
ක්‍රිස්තුන් සදාකල් නිවහනයි - සියල් පිරි දේශයයි
මගෙ පවුර හා සැඟවෙන තැනයි - මගෙ බලකොටුව සදා
මගෙ පවුර හා සැඟවෙන තැනයි - මගෙ බලකොටුව සදා
12
ක්‍රිස්තුන් සබතයි නව සඳයි - උදයයි දහවලයි
මගෙ වයස හා සදාතනෙයි - කිසිදා මැකී නොයයි
මගෙ වයස හා සදාතනෙයි - කිසිදා මැකී නොයයි
13
ක්‍රිස්තුන් මගේ විශ්වාසයයි - ආශාව සංසිඳනා
මගෙ තෘප්තියයි මා ප්‍රීතියයි - සැමදේම සපුරනා
මගෙ තෘප්තියයි මා ප්‍රීතියයි - සැමදේම සපුරනා
14
ක්‍රිස්තුන් සියල්ල සපිරි වූ - කෙසේ හඳුන්වම්දෝ
පළමු හා අන්තිම තැනන් වූ - එතුම් සැමදෙයයි
පළමු හා අන්තිම තැනන් වූ - එතුම් සැමදෙයයි
15
එවන් නිධානයකි ඇත්තේ - හද ප්‍රීතියෙන් ගයයි
තව තව ගයම් මා ප්‍රීතියෙන් - උතුම්ය මා ක්‍රිස්තුන්
තව තව ගයම් මා ප්‍රීතියෙන් - උතුම්ය මා ක්‍රිස්තුන්
Delete Comment
Are you sure you want to delete this comment?