සමිඳු ඉන්නේ ස්වර්ගයේහී

B85 C115 CB132 D132 E132 F23 G132 K115 LSM29 P132 R97 S68 Si132 T132
1
සමිඳු ඉන්නේ - ස්වර්ගයේහී
සිහසුනේහී - වැජඹෙමින්
දෙව් එසෙව්වේ - මේ මිනිසා
කිරුළ දා දෙව්- මහිමයේ
2
පැළඳ මිනිසා-ගේ සොබාවේ
දෙව් සැළැස්මෙන් - මියගියේ
සිරුර හා උත්-ථාන වූයේ
මිනිසෙකු මෙන්- එසවුණේ
3
තුළ එතුම් දෙවි-ඳුන් යටත්වී
දෙව් මිනිසා - මුසුවුණේ
එසෙවුණේ මේ - සග මිනිසා
දෙව්තුමන් හා - එක්වෙමින්
4
දෙව් ලෙසින් එක් - වී මිනිස් හා
සාක්ෂිය වී - දෙවිඳුගේ
මහිමපත් වේ- මේ මිනිසා
එක් වුණු දා - දෙවිඳු හා
5
සග මහිමේ - ලද එතුම්ගෙන්
ආත්මයාණන් - පැමිණෙන්නේ
ඒතුමයි පව-සා සිටින්නේ
හැම ක්‍රියාවන්- යේසුස්ගේ
6
මහිමපත් වූ - ඒතුම් සමගයි
සභාවද දැන් - හැඳින්වෙන්නේ
යේසුගේ මේ - ආත්මයෙන් වේ
සෑම අවයව - දැනගන්නේ
7
ස්වර්ගයේ දැන් - ඇත මිනිසෙක්
කිරුළු පළඳා - සමිඳු සේ
ඒය යේසුස් - මිදුම්කාර
දෙව් මහිමෙන් - කිරුළ ලූ