මිදිවැලේ, මිදිවැලේ

Cs443 E1163 K846 S266 Si1163
1
මිදිවැලයි ඔබ අප අතු වී
ඔබ තුළයි - අප සදා
ඔබ අප තුළ ගලනා ඒ
ගඟුලයි- ජීවනේ
 
මිදිවැලේ මිදිවැලේ
මිදිවැලේ මිදිවැලේ
දනිමූ- තව ඔබ ගැඹුරින්
මිදිවැලේ - නිති රැඳී
2
ඔබ මා- අමතනා ඒ
වචනේ - හඬ අසා
කීකරු විය යුතු වෙමි මා
ඉන්නට - ඔබ තුළේ
3
රැඳුමේ - අරුත දනිමී
ගැඹුරින් - ඔබ තුළේ
පෙම් කරනෙමු නම් සමිඳුට
කීකරු - වන්නෙමූ
4
එවිට - ඔබගෙ ප්‍රේමය
රැදෙනා - අප තුළේ
අපට - ප්‍රීතියෙන් හා
සාමයෙන් - ඉන්නට
5
කොතරම්- අනගි වේදෝ
රැඳුම - ඔබ තුළේ
දරනා විට එහි පල අප
පූර්ණ වේ - ප්‍රීතිය