Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

අප කන්නේ ජීවනයේ කෑමයි

ක්‍රිස්තුන් අත්දැකීම කෑම සහ බීම ලෙස

Sinhala1150
1
අප කන්නේ ජීවනයේ කෑමයි
අප බොන්නේ උල්පත්වල ජලයයි
එබොන අයට යේසුස් කීවේ - නැති බව පවසක් කිසිදා
නැතිවද පවසක්? නෑ නෑ පවසක්
නැතිවද පවසක්? නෑ නෑ පවසක්
එබොන අයට යේසුස් කීවේ - නැති බව පවසක් කිසිදා
2
අප කන්නේ ජීවනයේ කෑමයි
සමිඳුගෙ මංගල්ල- භෝජනයෙන්
එ කන යේසුස් කීවේ - නැති බව කුසගිනි කිසිදා
නැතිවද කුසගිනි ? නෑ නෑ කුසගිනි
නැතිවද කුසගිනි ? නෑ නෑ කුසගිනි
එ කන යේසුස් කීවේ - නැති බව කුසගිනි කිසිදා
3
අප ගන්නේ ජීවනයේ හුස්මයි
ජීවනය බෙදා ගත් එතුමන් තුළයි
හුස්ම එසේ ගන්නා අය හට දැන් - අත්වෙයි දෙව් ජීවේ
අත්වෙද ඔවුනට දැන් - දෙව් ජීවේ?
අත්වෙයි ඔවුනට දැන් දෙව් ජීවේ
හුස්ම එසේ ගන්නා අය හට දැන් - අත්වෙයි දෙව් ජීවේ
4
අප ආත්මෙන් දෙව් ජීවනය ලබා
රස විඳිමුව මිදියුෂ ජීවනයේ
එලෙස විඳින අය හැමවිටදී - දැන් ලබතිය දෙව් ප්‍රීතී
ලබතිද ඒ අය දැන් දෙව් ප්‍රීතී
ලබතිය ඒ අය දැන් දෙව් ප්‍රීතී
එලෙස විඳින අය හැමවිටදී - දැන් ලබතිය දෙව් ප්‍රීතී
5
ක්‍රිස්තුන් වේ උත්ථානේ රජිඳුන්
මිය ගොස් නැගුණා වූ අප උදෙසා
එතුමන් ලැබුවොත් සදාතනේටම - ඔබ ජීවත් වන්නේ
ඔබ ජීවත්වන්නෙද සදාතනේ?
ඔබ ජීවත්වන්නෙය සදාතනේ
එතුමන් ලැබුවොත් සදාතනේටම - ඔබ ජීවත් වන්නේ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.