Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala82si
1
ගැමි ළඳක් මා වන් කෙසේ
වන්නේද ප්‍රේමිය ඔබේ
ඔබ ශුද්ධයි දිව්‍යමයි, මෙමා
වැටුණූ මිනිසෙක්මී
ඔබ නැතිව නොහේ මට
වන්ට ඔබ මෙන් ප්‍රේමයේ
තේරුයේ මා ලොවටත් පෙරයි
සැළැස්ම වෙනස් නොවේ
 
මේ දෙව් ප්‍රේමය
සැළැස්මයි මගේ
මිනිසෙක්ව ආවෙ මා
දිනන්ටයි මගේ ළඳ
 
වැළැක්විය නොහේ
වෙනස් කළ නොහේ
මා සදාකල් ප්‍රේමෙට
දිනමී මගේ ළඳ
2
මිනිස් හෝ දේව දූතයන්
නොදනිතී ඔබේ රහස්
ඇල්ම ඔබේ පූර්වයේ පටන්
මෙමා හා එක්වන්ට
ආවත් පාපේ මිනිසා නසා
සතුරාගේ කූට මායමෙන්
නැසිය නොහේ ඔබෙ ප්‍රේමය
සපුරා දිනන්ට මා
 
මේ දෙව් ප්‍රේමය
සැළැස්මයි මගේ
මිනිසෙක්ව ආවෙ මා
දිනන්ටයි මගේ ළඳ
 
වැළැක්විය නොහේ
වෙනස් කළ නොහේ
මා සදාකල් ප්‍රේමෙට
දිනමී මගේ ළඳ
3
රජුන් රජූ මෙන් මනුසත් වී
මැරුණේ මෙමා මුදන්නට
උත්ථානයෙන් රැජිනක් වුණේ
ඔබ හා බැ‍ෙඳන්නටයි
මරණින් නැගී විත් මා තුළේ
මට දැන් ඇතේ දේවත්වය
සොබාවෙන් ජීවනෙන් අපී
දැන් දෙව්-මිනිස් වෙමූ
 
ප්‍රේමයෙන් ඇදී
මා ඔබේ වෙමී
මම මාගෙ නො-වෙමී
මා ඔබේම වන්නෙමී
 
ප්‍රේමයෙන් ඇදී
නාමයෙන් ඉමී
ඔබ මා බැඳී ඉන්නේ
ඔබ මා සිපගත් නිසා
4
ඒ ප්‍රේමයෙන් සමීඳුනී
සිටින්න මා සමීපයේ
මගේම වෙයි ප්‍රේමාතුරයි
ප්‍රේමෙකී, ඉමිහිරී
වෙනස් කළ මැනේ නිතී
මතුළේ හදේද සෑම දේ
මාගේ හැමදේ වන්ට ඔබ
රැජින, මනාලිය
 
ප්‍රේමයෙන් ඇදී
මා ඔබේ වෙමී
මම මාගෙ නො-වෙමී
මා ඔබේම වන්නෙමී
 
ප්‍රේමයෙන් ඇදී
නාමයෙන් ඉමී
ඔබ මා බැඳී ඉන්නේ
ඔබ මා සිපගත් නිසා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.

Rechal

Colombo, Youth, Sri Lanka

Jun 11, 2026

Wonderful Hymn !! Praise the Lord!!!

Weiterlesen