ජයගන්නෙක් වේද ඔබ

C647 CB894 E894 G894 K647 P894 R645 S403 Si894 T894
1
ජයගන්නෙක් වේද ඔබ
ක්‍රිස්තුන් කැඳවන්නේ
ඒ වන් කෙනෙක් වන්ට ඔබ
නැතිවද ඔබ දන්නේ
 
ජයගන්නෙක් වේද ඔබ
තීරණේ ගන්න
ක්‍රිස්තු කැඳවයි, ක්‍රිස්තුන් කැඳවයි
සවන් යොමා ඉන්න
2
ජයගන්නෙක් වේද ඔබ
සමි-ඳු වෙත ඇදී
පළමු ප්‍රේමය හැර නොයන්න
හිරු උදාව තෙක්
3
ජයගන්නෙක් වේද ඔබ
රැඳී එතුම් ජීවේ
බිය නොවී පීඩා විඳින්ට
සෑම විශ්වාසෙන්
4
ජයගන්නෙක් වේද ඔබ
සාක්ෂිය දරා
ව්‍යාජ ආගම්වලින් ඉවත් වී
සැංගුණ මන්නා කා
5
ජයගන්නෙක් වේද ඔබ
පවිත්‍ර හා සැබෑ
අශුද්ධ දේවල් සෑම පරදා
ඒ බලේ රකිමින්
6
ජයගන්නෙක් වේද ඔබ
සමිඳු අදහන්න
වස්ත්‍රය මිය යන්ට නොදී
දිනා විපාකය
7
ජයගන්නෙක් වේද ඔබ
ඇල්මැරී නොරැඳී
ඇතී දෙයින් තුටු නොවී සිටින්න
දකින්ට තව ඇත්තේ
8
ජයගන්නෙක් වේද ඔබ
ක්‍රිස්තුන් තව කැඳවයි
රකින්නෙද ඔබ ඒ ඉල්ලීම
එතුම්ට විශ්වාසෙන්