එද්දී ඔබ පොළොවට මා වෙනුවෙන්

C732 CB1060 E1060 K732 Si1060 T1060
1
එද්දී- ඔබ පොළොවට මා- වෙනුවෙන්
හැරියා සිහසුන කිරුළ
ඒමු-ත් බෙත්ලෙහෙමේ ඉඩ නොවුණේ
ඔබ හට උපදින්නට
 
එ-න්න- හදට යේසුනී
මහදේ ඉඩ ඇත ඔබට
එ-න්න- හදට යේසුනි එන්න
මහදේ ඉඩ ඇත ඔබට
2
ගයද්දී- දෙව්දුත් සග හඬ නැගුණා
ඔබෙ රජ අණ පවස-මින්
එනමු-ත් පොළොවට ආවේ ඉපදී
ඉමහත් යටහත්කමිනී
3
සිවලුන්- කුරුලන් ලගිනා තැන් වෙයි
වනයේ මහගස් සෙවණේ
ඒමු-ත් ගලීලයෙ කතරේ වැල්ලයි
සයනේ වුණෙ දෙව් පුතුගේ
4
ඔබ ආ-වේ ජීවන වචනය හා
මිනිසුන් මුදවාලන්ටයි
ඒමු-ත් අවමන් කටු ඔටුනුද ලා
යැව්වේ ඔබ කල්වාරියටයි
 
එ-න්න- හදට යේසූනී
ඔබෙ කුරුසෙයි මගෙ පැතුම
එ-න්න- හදට යේසූනී
ඔබෙ කුරුසෙයි මගෙ පැතුම
5
ස්වර්ග-යේ ගී හඬ නැංවෙද්දී
ඔබ ජයගන්නා මොහොතේ
ඔබ හඬ මට එයි, “මෙහි ඉඩ ඇත්තේ
මා අසලින්ම ඔබට”
 
ප්‍රී-තියි මහදට යේසූනී
ඔබ හඬගසනා වේලේ
ප්‍රී-තියි මහදට යේසූනී
ඔබ හඬගසනා වේලේ