පුදුමයි කරුණාව මා වැනී

B184 C247 CB313 D313 E313 K247 LSM76 R240 S154 Si313 T313
1
පුදුමයි කරුණාව මා වැනී
පව්කාරයෙකු මිදූ
නැතිවී උන් මා දැන් හමු වුණී
අන්ධ වූ මට දැන් පෙනේ
2
කරුණාවයි මා සිත බිය කළේ
එයමයි බිය දුරු කළේ
කොතරම් අගනේද ඒ සෙනේ
මා ඇදහූ මුල් පැයේ
3
සමිඳුන් මට යහපත දේය කී
වචනේ මා සැනසුමයි
සමිඳුන් කොටසයි පළිහයි මගේ
මා දිවි තිබෙනා තුරා
4
උන් පසු වස් දසදහසක් අපී
බබලා එලියෙන් හිරු සේ
ඇරඹූ දා මෙන්ම කල් ඇතේ
දෙවිඳුන් පසසන්ට