රහස දන්නෙමී මා දැන්

B330 Cs432 E564 LSM152 P564 R416 S264 Si564 T564
1
රහස- දන්නෙමී මා දැන්
සමිඳුන්- තුළේ ඉන්නා
ජීවනේ උල්පතින් විඳ - මම බොන්-නෙමී වචනෙන්
හමු වීය මිහිර ශක්තී
පවතින්-ට ලේ යට
නැති වීමි යේසුන් තුලේ‍ - දැන් මම දෙව්-තුළේ ගිලෙම්
 
සමිඳුන්- තුළේ ඉමී / දෙව් වච-නයේ රැදී
සැඟවෙන්නෙමී එතුමන්ගේ ප්‍රේමයේ
සමිඳුන්- තුළේ ඉමී / දෙව් වච-නයේ රැදී
සැඟවෙන්නෙමී එතුමන්ගේ ප්‍රේමයේ
2
කුරුස-පත්ව මා යේසුස් හා
ඒතුම් මා- තුළයි ඉන්නේ
මා වෑයම් සියල් නැවතීලා - දැන් මා නෑ-එතුම් ඉන්නේ
යටපත්ව මා කැමැත්ත
රජවී ආ-ත්මය සමිඳුන්
අනගී- ලේමයි එ්තුමන්ගේ - මා පාපෙන්- වළක්වන්නේ
3
ගෙනෙමී රෝග හැම ඒතුම්ට
රැගෙන යන්-ට ඉවතට
මාගේ දුක හා බියසැක කියමී - දවසේ සෑ-ම ප්‍රශ්නේද
මාගේ ශක්තිය යේසුන්ගෙන්මයි
ඒ හුස්මෙන්-ය මා ඉන්නේ
ඇදහිල්ල හා සිත ප්‍රේමේ - එතුමන්ගෙන්-ය මට දෙන්නේ
4
මාගේ කීමට ප්‍රඥාවත් හා
වැඩයට මා-ගෙ හැම බලේ
හැම දේට ඒ අභිමුඛයයි - නිති මග පෙන්-වමින් එන්නේ
කොටසයි මා හදේ ඒතුම්
නොනිමී උල්-පතයි ප්‍රීතී
මි-දුම්කාර හා සුවකාර - මහිම ස්වා-මි හා රජුයි