ජීවය නෑ නොමැරී

B375 C464 CB631 E631 G631 K464 P631 R456 S297 Si631 T631
1
දැන සිටියා නම් උත්ථානේ බල
කුරුසෙට සැමදා පෙම් කරමී
මරණින් පමණයි ජීවය ඇත්තේ
ඇතිවන්නේ නැතිවීමෙන් වේ
 
ජීවය නෑ නොමැරී
ජීවය නෑ නොමැරී
මරණින් පමණයි ජීවය ඇත්තේ
ජීවය නෑ නොමැරී
2
ක්‍රිස්තුන් මා තුළ සෑදී ඇත්නම්
හෙළිය යුතුයි අවසන් හුස්ම
කුරුසය සෙවණේ ජීවත් වී මා
ප්‍රාණ දිවිය මිය ගිය යුතුවේ
3
දෙවිඳු සදාතන ආත්මෙ තුළින් මා
ඇණ ගැසුවොත් සමිඳුන් සමගින්
එවිට පමණි මරණය සිදුවී මා
තුළ එතුමන් දිවි වැගිරෙන්නේ