ස්තුතී දෙමී හද පත්ලෙනී

B30 C25 CB30 D30 E30 F5 G30 K25 LSM7 P30 R26 S21 Si30 T30
1
ස්තුතී දෙමී හද පත්ලෙනී
ප්‍රේමේට දුන්නාවූ
පියා-ණෙනී නමදින්-නෙමූ
පැසසුම් දෙ-මින් සදා
2
ඔබගේ සිතේ සැළසුම් සදා
අපට- කියාපාමින්
පුත්‍රයා තුළින් ඔබ පැමි-ණියේ
ඉටුවන්ටයි ඒ කී දේ
3
දුන්නේ ඔබේ පුතු ප්‍රේමයෙන්
ඇවිත් මිය යන්න-ට
අපි බෝ පුතුන් වෙන්ටයි ඔබේ
උරුමය ලැබ ගන්න-ට
4
එමගින් ලබා ඔබෙ ජීවය
ඔබ වී පි-යා අපගේ
ඔබගේ සොබා හා සෑම දේ
ලැබෙනා ලෙසින් අපට
5
අබ්බා කියා හඬගාන සේ
දුන්නේ අපට- ආත්මේ
ආත්මෙන් ඉපිද මුද්‍රා තබා
එමගින් වෙ-නස් වන සේ
6
අරමුණ- ඔබේ බෝ පු-ත්‍රයන්
මහිමය වෙත ගෙන එන්ටයි
ඔබෙ පු-ත්‍රයා සොබාවට
සපුරා ඔබ සාදන්ටයි
7
එසේ කළ වැඩයේ ඔබේ
මග පෙන්වන්නේ ඔබමයි
මහිමෙන් මහිමයට ගෙන- එමින්
නිමනා තුරා ඒ දේ
8
පියා-ණෙනී ඔබෙ ප්‍රේ-මෙට
සදා ණය ගැති වෙමූ
සදා-ටම නමදින්-නෙමු
ප්‍රශංසා දෙන්නෙ-මූ