දැන් ජීවනේ ආත්මය අපගේ තුළයි

B160 C226 CB278 E278 F49 G278 K226 P278 R55 S134 Si278 T278
1
දැන් ජීවනේ ආත්මය අපගේ තුළයි
අප පවස නි-වන්නට ජලය ලෙසින්
ඒ ජලයෙන් බී පිරෙමූ අපි සමිඳුන්ගෙන්ම
සමිඳුන් ගඟුලක් සේ අපගෙන් ගලනා තුරා
2
දැන් බ-ලයේ ආත්මය, අප මත්තේ වේ
අප පළඳින්ට දුන්නා වූ ඇඳුමක් ලෙසින්
සමිඳුන් තුළ බෞතීස්මය ලැබ එතුමන්ගෙන්ම
අපි සෑදී ඉමු සේවේට බලයෙන් සැරසී
3
ඒ ජීවනේ ආත්මය මහිමේ හුස්මයි
එය ජීවනේ ආත්මෙයි අප තුළට හෙලූ
ඒ සුළඟින් පෙන්වා දෙන්නේ බලයේ ආත්මෙයි
ඉහලින් ආ බලේ හා අප මත්තේ හැමූ
4
මරණින් නැගුණා වූ සමිඳුන් හුස්මෙන් හෙළා
දුන්නේ ජීව-නේ ආත්මේ ගෝලයන්ට
පෙන්ත-කොස්ත දවසේ ඒ එසවුණු සමිඳුන්
වැගුරූයේ බලයේ ආත්මේ ගෝලයන්ට
5
මේ ජීවනේ ආත්මේ, අප තුළ ජීවයයි
බලයේ ආත්මේ ඇත්තේ මේ ජීවයටයි
සුළඟින් ගෙනෙන්නා සේ ඒ හුස්ම නැවුම්
බලයේ ආත්මේ දෙන්නේ මේ ජීවයටයි
6
මේ ආත්ම දෙකක් නොව, වෙන්වූ ඈත්වූ
කාර්ය-යන් දෙකක් තිබෙනා එකම ආත්මෙයි
දෙවිඳුන්ගෙන් පළඳන්නට අප ඇතුළෙන් පුරවා
අප දෙවිඳුන් හා මුළුම-නින් මුසුවන සේ
7
ජීවනයේ ආත්මෙන් සමිදේ පුරවාලන්න
හැම කොටසම මාගේ, ජීවෙන් වැඩෙනා ලෙසේ
අප පිටතින් සරසාලා ඔබෙ බලයේ ආත්මෙන්
හැම පැයෙහී, ඔබ රිසි සේ, ඔබගේ සේවේට