කන්ටත් බොන්ටත් දෙන්ට මට යේසුනි

B424 C586 CB811 E811 F144 G811 K586 LSM235 P811 R545 S343 Si811 T811
1
සාගිනියි හද පිපාසයි ආත්මේ
එමි ලබන්ට සැපයුම ඔබෙන්
අන් දේ නොව ඔබයි මට ඕනෑ වන්නේ
සා පවස නිවන්ට ඔබටයි හැකී
 
කන්ටත් බොන්ටත් දෙන්න -
මට යේසුනි - නිවා සාගිනි, පිපාසේ
ප්‍රීතියෙන් පුරා මගෙ ශක්තිය වී -
නිවා සාගිනි, පිපාසේ
2
ඔබ ජීවනේ කෑමත් ජලයත් වේ
මා ආත්මෙ නංවන්ට ඔබටයි හැකී
කන්ටත් බොන්ටත් ඕනෑ මට ඔබමයි
යාඥාවෙන් කියැවීමෙන් ඔබ විඳිමින්
3
දෙවිඳුන් පූර්ණත්වේ වූ වචනය ඔබයි
මට දේව ජීවේ දුන් ආත්මේ ඔබයි
වචනය තුළ කෑම සේ මා ඔබ ගන්නේ
ජලය වේ ඔබ මාගේ ආත්මේ ලෙසේ
4
වැටුණේ ඔබ ස්වර්ගයෙන් කෑම ලෙසේ
ගැසුවේ ඔබහට මාගේ පානය වන්ට
නිම් නැති සැපයුමයි කෑම ලෙසේ
දියපාරයි මට ඔබ ජලය ලෙසේ
5
ආත්මේ හා ජීවනෙයි වචනය තුළේ
එලෙසින් ඔබ කන්නෙමි වචනය මගින්
ආත්මය සේ ඔබ මාගේ ආත්මේ ඉන්නේ
එසේ ඔබෙ ආත්මය මම බොන්නෙමී
6
භුක්ති විඳින්ට ඔබෙ වචනය ගමී
සාගිනී නිවෙනා තෙක් කන්ට ඔබ
ආත්මෙන් හැරෙන්නෙ-මී ඔබ වෙතට
පවස නිවෙන තුරු ඔබෙන් බොන්ට
7
කන්නටත් බොන්නටත් යේසුනි ඔබෙන්
කියැවීමෙන් කමි යාඥාවෙන් බොමී
කියැවීමෙන් යාඥාවෙන් කා බී ඉමී
යාඥාවෙන් කියැවීමෙන් ඔබ ගන්නෙමී
8
මෙහිදී සමිඳුනි ඔබ භුක්ති විඳිම්
ආත්මෙන් උතුරා ඔබගේ වචනෙන් පිරී
ඔබ මා තුළ මංගල්‍ය කෑමක් වේවා
මිනිසෙක් සේ කිසිදා නෑසූ විරූ