සභාව කිතු ශරීරෙයි

B429 C598 CB824 D824 E824 F147 G824 K598 LSM237 P824 R560 S351 Si824 T824
1
සභා-ව කිතු ශරීරෙයි
පිය වාසස්ථානයයි
කැඳවූවන්ගේ හමු-වයි
දෙව් හා මිනිසා මුසුවයි
මැවිල්ලටත් පෙර තේ-රූ
කල්වාරියෙදි මිදූ
ඇගේ චරිතය හා ස්ථාව-රේ
පොළොවේ නොව ස්වර්ගේමයි
2
නව මිනිසා නව මැවිල්-ලේ
නැඟි සමිඳාගෙන් උපන්
දෙව් ආත්මෙන් බෞතීස්ම වී
දෙව් වදනින් ශුද්ධ- වී
ක්‍රිස්තුන් සංයුතියයි ජීවෙයි
ඇගෙ මහිම වූ හිසයි
ඈ නැඟුණා ඒ-තුමන් හා
සිය සතුරන් සැම පාගා
3
ක්‍රිස්තුන් ඈ පදනම වන්නේ
කිසි මිනිසෙකු නෑ දැමුවේ
ඈ සතු ක්‍රිස්තුන්ගේ සෑම දේ
දිව්‍යම වේ සැම ලෙසිනේ
ඇගෙ අවයව ලබමින් ආත්මෙන්
කල්වාරියේ මරණේ
ගොඩනැගෙතී උත්ථානෙන් රන්
රිදී- අනගී ගල් සේ
4
එක දෙවිඳුයි සමිඳුයි ආත්මයයි
ඇයගේ හැම දේ එකමයි
එක ඇදහිල්ලයි බෞතීස්මෙයි
පුත්‍රයා තුළ එක සිරුරයි
ත්‍රිඒක දෙවිඳුන් ඈ තුළ වේ
එක සිරුරේ අවයව වේ
ඇදහිල්ලෙන් ඒ හැම එක් වේ
දක්නා මහිමේ පතමින්
5
හැම ජාති-යෙන් ගෝත්‍ර-යෙන්
සාමාජිකයන් එන්නේ
කිසිවක් නෑ පංතී බේද
එක් අයෙකුට එක් වන්නේ
උසස්කම් නෑ පහත් නෑ
යු-දෙව් අන් ජාතීන් නෑ
නිවහල් හෝ වහලුන් ස්වාමීන්
නෑ එක නව මිනිසාමයි
6
එකම- විශ්ව- ශරී-රෙයි
හැම තැනදී පැවසෙන්නේ
වාසය කරනා පෙදෙස වේ
ඇයගේ භූමිය වන්නේ
පරිපාලනය- දේශීයයි
සමිඳුන්ටම වගකියනා
සහභාගිත්වේ විශ්වනී-යයි
හැම ඔසවති එක්සිත් වී
7
රැස්වීම ප්‍රාදේශී-ය
නව යෙරුසෙලමකි කුඩා
එහි හැම පැති හා විස්තරද
සභාවෙන් පැවසෙන්නේ
ක්‍රිස්තුන් දැල්වෙන පහන වේ
දෙවිඳුයි එහි ආලෝකේ
ඒ දෙදෙන පහන්රුක වේය
දෙවිඳුන් මහිමේ දරනා