ගෙන යන්නේ ගැළවුම්කරු මා

B395 C508 CB701 E701 G701 K508 P701 R477 Si701
1
ගෙන යන්නේ ගැළවුම්කරු මා
ඉල්ලම්දෝ, තව කුමක්
කරුණා සැක කරම්දෝ
දිවි පුරා දුන් ඒතුමන්
ඇදහිල්ලෙන් එතුමන් තුළේහී
ඉන්නෙමී, දෙව් සාමයෙන්
දන්නෙමී, යේසුන් කරතැයි
හැමදෙය යහපතින් //
2
ගෙනයන්නේ ගැළවුම්කරුන් මා
රළු මාර්ගේ, සනහමින්
පීඩාවේදි දෙයි ප්‍රසාදය
ජීවනේ කෑමෙන් කවා
වෙහෙසී, පා පැකිලෙද්දී
මා ප්‍රාණේ, පිපාසයෙන්
උතුරන්නේ, ඉදිරියේ මා
උල්පතකි ප්‍රීතියේ //
3
ගෙනයන්නේ ගැළවුම්කරුන් මා
ප්‍රසාද දානේ පූර්ණයි
පියතුමන් තුරුලෙ වේය
පිළිණේ, විවේකයේ
නොමියෙනා ආත්මය මාගේ
පියඹද්දී කාලය තුළේ
මා ගීතේ, යුග පුරාවට
ගෙනගියෙ යේසුස් මා //